Sebastian Muniduni සෙබස්තියන් මුනිඳුනි St.Sebastian Sinhala Hymn
Description
කිතුන් නමට සාක්ෂි දරා ලේ ගංඟා මැද හදේ රැදුණු ආදරයෙන් දුක් සංඛා බිඳ නිර්මල නිර්භිත මුවින් දෙසු අමදම් රස යොමවා අප කිතුන් මගට තම දිවි පුද කල සෙබස්තියන් මුනිඳුනි, සුදුවර හිමි ඔබ පසසමි අනෙක වරම් අයැදිමි පිසලනු මැන රෝ දුක් ගිණි// වසංගත තුළින් දුරලා පෙළහර පෑ විකුම් නර්බෝනා නුවරෙහි ඔබ සුවඳ කුසුම උතුම් අප ඉල්ලු හැමෙක ලැබී දිවි මඟ හැම පැතුම් ඉටු කරනා මුනිඳුනි ඔබ නමට පසස් ගැයුම් සෙබස්තියන් මුනිඳුනි, සුදුවර හිමි ඔබ පසසමි අනෙක වරම් අයැදිමි පිසලනු මැන රෝ දුක් ගිණි// සරසාගෙන වසන්තයම සමිඳුගේ ගුණ හඳින් නිව්වු අප දහම් පිපස සනසා කුතු බසින් සිඩිත මඩිත සුවඳ විහිඳ පූරුක ලෙස සඳුන් එලෙස ඔබේ ගත සුදිළුනී මහිම දරා කිතුන් සෙබස්තියන් මුනිඳුනි, සුදුවර හිමි ඔබ පසසමි අනෙක වරම් අයැදිමි පිසලනු මැන රෝ දුක් ගිණි// Artists - Nilanga Chrishan Fernando and Sachinthana Fernando Lyrics - Laksiri Weerasinghe Melody and Music - Dilanka Fernando Video - Manoj Divanka
